34 C
Colombo
Friday, May 3, 2024

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (15) සවස ගුජරාට් ප්‍රාන්තයේ බුර්හි දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සොරාගත් යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය ඉරිදා අලුයම 5.00ට පමණ මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබුණා.

මෙම සැකකරුවන් දෙදෙනාම කුප්‍රකට ලෝරන්ස් බිස්නෝයි කල්ලියේ සාමාජිකයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

බිෂ්නෝයි කල්ලියට ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන්වලටද චෝදනා එල්ලවී තිබුණා.

සල්මන් ඛාන්ගේ නිවසින් පිටත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, ලෝරන්ස් බිස්නෝයිගේ සහෝදරයා වන අන්මෝල් බිස්නෝයි සමාජ මාධ්‍ය සටහනකින් වගකීම භාරගෙන, එය “පෙරදසුනක්” ලෙස විස්තර කර බොලිවුඩ් නළුවාට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ පසු සල්මන් ඛාන්ගේ ආරක්ෂක කණ්ඩායමට තවත් පිරිසක් එක් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට නිවසින් පිටතට යාමට පෙර මුම්බායි පොලිසියට දන්වන ලෙස ද දන්වා ඇති අතර, අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවසින් පිටතට නොයන ලෙසට ද සල්මන්ට උපදෙස් ලබා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...