දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවයි.
ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුළු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක් දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ බවත් බොහෝ මගීන්ට ගමනේ යෝජිත දුම්රිය වෙනුවට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබෙනවා.