31 C
Colombo
Saturday, July 27, 2024

තවත් කැස්බෑ සිරුරු 02 ක් සහ තල්මසකු ගොඩ ගසයි

- Advertisement -

තවත් තල්මසකුගේ සහ කැස්බෑවකුගේ සිරුරක් පානදුර, නල්ලුරුව වෙරළට ගොඩ ගසා තිබෙනවා.

තල්මසාගේ සිරුර අඩි 8යි අගල් 3ක් පමණ දිගකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

එම සිරුර අත්තිඩිය වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට නියමිතයි.

මේ අතර කොස්ගොඩ වෙරළ තීරයට ද කැස්බෑවෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා.

වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට මිය ගිය කැස්බෑවන් 180 දෙනෙකුගේ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇති බවයි.

ඊයේ දිනය වනවිට ගොඩ ගසා ඇති මියගිය ඩොල්ෆින් මත්සයින් ගණන 20 ක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කැස්බෑවන්ගේ සිරුරුවල ඇත්තේ කුමන රසායන ද්‍රව්‍ය ද යන්න සොයා බැලීමට එම සතුන්ගේ දේහ කොටස් විදේශ රටකට යැවීමට පියවර ගන්නා බව ද වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...