26 C
Colombo
Wednesday, February 19, 2025

පොලිස් වැටලීම් ගැන වට්ස් ඇප් පණිවිඩ යැවූ දෙදෙනෙක් රිමාන්ඩ්

- Advertisement -

මුර සංචාර , මත්ද්‍රව්‍ය වැටලීම් හා රථ වාහන රාජකාරිවල නියැලෙන පොලිස් නිලධාරීන් පිළිබඳව අපරාධකරුවන් දැනුවත් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස්පතිවරයාට ලද තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මහමග රැඳී සිටිමින් පොලිස් නිලධාරීන් පිළිබඳව වට්ස් ඇප් සමාජ ජාලය ඔස්සේ අපරාධකරුවන් දැනුවත් කළ බවට මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (14) නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 23 සහ 30 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES