29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

- Advertisement -

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා.

අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙව බව සඳහන්.

එම පිරිස අතරින් තරුණයා සහ තවත් තරුණියක් ඔවුන් සමඟ පැමිණි වෙනත් අයෙකු විසින් බේරාගැනීමට සමත්ව තිබෙනවා.

සෙසු තරුණියන් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පොලීසිය පවසන්නේ අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

මියගිය තරුණිය සහ අතුරුදන්ව ඇති තරුණිය 18 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවට හෙළිවී තිබෙනවා.

ඔවුන් එම ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ තිබෙන අතර අතුරුදන්ව ඇති තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර කිරින්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...

පාසල් අනධ්‍යයන සේවකයිනුත් හෙට අනිද්දා වර්ජනයක

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24)  සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...