29 C
Colombo
Thursday, March 23, 2023

උඩරට මැණිකේ නවත්වන්න ගිහින් මැණිකේම ගැටෙයි

- Advertisement -

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි හැටන් පොලිසිය පවසනවා.

අද (මාර්තු 18) පස්වරු 1.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී.තුවාලකරු අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගයේ මැදට වී ධාවනය වෙමින් තිබුණු දුම්රිය නතර කිරීමට උත්සහ කළ අවස්ථාවේ මෙලෙස එහි ගැටී තිබෙනවා.

41 හැවිරිදි එම පුද්ගලයා දුම්රියේ ගැටී විසි වී බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු එම දුම්රියෙන් ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දීමට එම දුම්රියේ ආරක්ෂක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙන බව සඳහන්.

ආදාළ පුද්ගලයා හැටන්, දික්ඔය, පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බවට හැටන් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...