23 C
Colombo
Sunday, October 1, 2023

එක්සත් රාජධානියේ සුනඛ තහනමක්

- Advertisement -

“අමෙරිකන් XL බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවයි.

ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බව අගමැති රිෂි සුනක් පවසා ඇති බව වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ  එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද සඳහන් වෙනවා.

කෙසේවෙතත් එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ, මේ වන විටත් අදාළ  සුනඛයින් ඇති කරන පිරිසට එම සුනඛයින් මියයන තුරු දැඩි නීති රෙගුලාසි හමුවේ  ඔවුන් රැක බලාගත හැකි බවයි.

එමෙන්ම එම වර්ගයේ සියලුම සුනඛයින් වඳභාවයට පත්කළ යුතු බවත් ඔවුන් නිවසින් පිටතට රැගෙන යන සෑම විටකදීම මුඛවාඩම් පැළඳවීම අනිවාර්යය බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...