26 C
Colombo
Wednesday, February 19, 2025

උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා-විමර්ශන කමිටුව

- Advertisement -

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අනාවරණය කර තිබෙනවා.

ජාතික ගීයේ “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ යැයි ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ විමර්ශන නිලධාරියකු එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කෙරුණු අතර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ද ප්‍රකාශ ගැනීමට එම කමිටුව කටයුතු කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍යම ස්වරයෙන් ගායනා කළයුතු වූවත්, ගායන ශිල්පිනිය එය ගායනා කර ඇත්තේ උච්ච ස්වරයෙන් බව විමර්ශන කණ්ඩායම විසින් කරන ලද විමර්ශනයේදී තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම, මීට පෙර පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී මෙම ගායන ශිල්පිනිය කණ්ඩායමක් එක්ව ජාතික ගීය ගායනා කර ඇති අතර,එහිදීද “මාතා’’ වෙනුවට “මහතා’’ යැයි ගායනා කර ඇති බවද විමර්ශන කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව සඳහන්.

විමර්ශන කණ්ඩායම විසින් අදාළ වාර්තාව ඉකුත් සිකුරාදා (18 වැනිදා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබෙනවා.

ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විමර්ශන කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES