29 C
Colombo
Saturday, July 27, 2024

තිස්ස වැවේ අනවසර චීන ව්‍යාපෘතිය නතර කෙරේ – හානිය ගැන තක්සේරුවක්

- Advertisement -

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන යනු ලබන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවා තිබෙනවා.

එම ව්‍යාපෘතිය සමාජයේ දැඩි කතාබහකට තුඩුවූයේ එහි සේවය කරන චීන ජාතිකයන්ගේ හැඳ පැළඳ සිටි විශේෂ ඇඳුම් හේතුවෙන් සහ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් පූර්ව අවසරයක් ගෙන නොමැති බව හෙළිවීම නිසායි.

කෙසේ වෙතත්, නිසි අවසරයක් ලබා ගන්නා තුරු අදාල ව්‍යාපෘතිය අත්හිටවීමට උපදෙස් ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.

මෙවැනි කාර්‍යයක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය හරහා යම්කිසි පුරාවිත්‍යාත්මක හානියක් වී ඇත්දැයි තක්සේරුවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසනවා.

මේ අතර, තිස්සමහාරාම වැව යනු ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී වැවක් බවත් එහි පෞරානික පුරාවිද්‍යා වස්තූන් තැන්පත්ව තිබීමට ඉඩ ඇති බවත් පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙනවා.

තිස්සමහාරාම වැව යනු ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී වැවක් බවයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...