28 C
Colombo
Saturday, July 27, 2024

ණය කළමනාකරණ ගැටළු නිසා පකිස්තානයත් අන්ත අවදානමක

- Advertisement -

රුසියානු යුක්රේන යුද්ධයෙන් ඉන්ධන සහ ආහාර මිල ගණන් ඉහළ යාමත් සමග ණය කළමනාකරණය සම්බන්ධයෙන් දැඩි අවදානමට ලක්ව ඇති රටක් ලෙස පාකිස්තානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව විසින් (UNCTAD) ලැයිස්තුගත කර තිබේ.

පසුගිය වසර දෙක තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය සහන අඩු වී ඔවුන්ගේ ණය බර වැඩි වී ඇති අතරම ඉන්ධන, ආහාර සහ පොහොර මිල ඉහළයාමටද ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති බව UNCTAD මහලේකම් රෙබෙකා ග්‍රින්ස්පන් පෙන්වා දෙයි.

ප්‍රවාහන ගැටළු සහ ගෝලීය සැපයුම්දාම කඩාකප්පල් කිරීම් ද පිරිවැය සහ මිල ඉහළ නැංවීමට හේතු වී ඇති බව ඇය පෙන්වා දෙයි.

එහිදී දැඩි අර්බුදයට ලක්ව ඇති රටවල් ගණනාවක් ඇති බවත් පකිස්තානය ඒ අතර කැපී පෙ‍නෙන බවත් ඇය සදහන් කරයි.

මෙම තත්වය තුළ පෙර නොවූ විරූ ලෙස මිල ඉහළ යාමෙන් පීඩා විඳිමින් සිටින පාකිස්ථානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට බාහිර උපකාරයකින් තොරව මුහුණ දීමට නොහැකි වන බවත් ඔවුන්ගේ ණය ගැටලු සඳහා කඩිනම් විසඳුම් අවශ්‍ය බවත් ඇය පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...