28 C
Colombo
Friday, May 31, 2024
spot_img

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය දැඩි කෙරේ

- Advertisement -

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙන්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, පසුගිය 13 වෙනි දා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ අමාත්‍ය මණ්ඩල සංදේශයන් දෙකට ඵලදායී විසඳුමක් ලැබී නොමැති බවයි.

ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද 14 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...