28 C
Colombo
Saturday, July 27, 2024

වෛද්‍ය අනුුරුද්ධ පාදෙණියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමයේ විරෝධය

- Advertisement -

පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “උරුමය” නම් වූ වැඩසටහනේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් සිදුකරන ලද පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය සදහන් කරන්නේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා වැනි විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නොමැති පුද්ගලයන් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේ හෝ උපදේශක තනතුරක් දැරීම තමන්ට ප්‍රහේලිකාවක් බවයි.

එම නිවේදනය පහතින්,

“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරුන්ගේ සංගමය 2021.06.14 වන දින ස්වාධීන රෑපවාහිනියේ විකාශය වූ “උරුමය” වැඩසටහනේදී වෛද්‍ය පාදෙණිය මහතා විසින් සිදුකරන ලද පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. වෛද්‍ය වෘත්තිය සහ වෘත්තිය සමිතියක් නියෝජනය කරන්නෙකු ලෙස ඔහුගේ ප්‍රකාශය කෘෂිකර්ම පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉලක්ක කර ගත්තක් වන අතර එය දශක හතකට වැඩි කෘෂිකාර්මික අධ්‍යාපනයේ පුරෝගාමීන් ලෙස අපගේ කීර්තියට හානිකරන්නක් ලෙස අප දකිමු. එය වර්තමානයේ විවාදයට ලක්ව ඇති ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් මත තමා ප්‍රසිද්ධ වීමට ගත් ලාභ ප්‍රයත්නයකි.


එම වැඩසටහනේ වෛද්‍ය පාදෙණිය කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කිරීම නරඹන්නන් නොමග යවන්නකි. වෛද්‍ය පාදෙණිය වැනි විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ගැන දැනුමක් නොමැති පුද්ගලයන් ආණ්ඩුවේ කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේ හෝ උපදේශක තනතුරක් දැරීම අපට ප්‍රහේලිකාවකි. එම වැඩසටහනේදී ඔහු අපගේ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කරමින් කරන ලද ප්‍රකාශය අපි දැඩිව හෙලා දකිමු.


අදාල ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයන් ඉස්මතු කරමින් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් නොමඟ යවන වැඩසටහන් විකාශය නොකරන ලෙස ස්වාධීන රෑපවාහිනිය වැනි වගකීම් සහගත මාධ්‍ය ආයතන වලින් අපි දැඩිව ඉල්ලා සිටිමු. තවද මෙවැනි පුද්ගල ප්‍රතිරූප ඉස්මතු කිරීම සහ විද්‍යාත්මක නොවන මත පැතිරවීම හරහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී දැඩි හානියක් වියහැකි බවද වැඩිදුරටත් කියා සිටිමු.”

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...