26 C
Colombo
Friday, May 17, 2024

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

- Advertisement -

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

“ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හිත සුව පිණිස ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයාට උපහාරයක් වේවා” යන්න එක්සත් ජාතික පක්ෂයේ  මෙවර මැයි රැලියේ තේමාවයි.

ඒ අනුව, බෙලිඅත්තේ සිට උදෑසන 08 ට පිටත්වන දුම්රිය හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් දුම්රිය ස්ථාන වල නවත්වා අවසානයේ මරදාන දක්වා ගමන් කරන අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගමින් උදෑසන 07 : 30 ට ආරම්භ කරන දුම්රිය ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම දුම්රිය ස්ථානවල නවත්වා බෙන්තරින් පසු මරදාන දක්වා ගමන් කරන් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, උදෑසන 9.00 ට අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය  ආරම්භ කරන දුම්රිය කළුතර දිස්ත්‍රික්කයේ සියළුම දුම්රිය ස්ථානවල නවත්වා පානදුරෙන් පසු මරදාන දක්වා ගමන් කරන අතර, ඉතිරි ප්‍රදේශවල ජනතාව බස් රථ වලින් මරදාන දක්වා පැමිණීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

වජිර අබේවර්ධන මහතා තවදුරටත් පවසන්නේ 2024 මැයි රැළිය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රටේ කම්කරු ජනතාවත් වැඩ කරන ජනතාවත් සියලු ජන කොටස් විසින් කෘතවේදීත්වය දක්වන මැයි රැලියක් බවට පරිවර්තනය වී ඇති බවයි.

ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ජනතාවට හැකි පරිදි පහසුකම් ලබාදෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මාළිගාවත්ත මැයි රැළිය පැවැත්වෙන ස්ථානයට  පැමිණෙන බවද  වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

මෙම මැයි රැලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...