31 C
Colombo
Sunday, June 4, 2023

උපුල් රෝහණගෙන් GMOA එකට කණේ පහරක්

- Advertisement -

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවද මීට මාසයකට පෙර ලබාදී ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරයන් පලවනවා.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පවසන්නේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් හට කොවිඩ් එන්නත ලබා නොදී වෛද්‍යවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පමණක් අදාළ එන්නත ලබාදීමට විරෝධය පලකිරීම නිසාවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රචාරය කරමින් සිටින බවයි.

තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් උපුල් රෝහණ මහතා පවසන්නේ මෙවැන්නක්,

මගේ නිවසේ වාසය කරන මගේ පවුල මගේ බිරිඳ, අවුරුදු 17 ක් වූ පුතා සහ අවරුදු 13 ක් වූ දියණියයි.

මගේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය වන අතර ඇය COVID 19 පාලනය වෙනුවෙන් හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ PCR සාම්පල ගනු ලබයි මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන අතර සෘජුවම COVID 19 ආසධිතයින් සමග කටයුතු කරයි.

ඒ නිසා නියමිත දෙපාර්තමේන්තු චක්‍රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දෙන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද එන්නත් ලබාගන ඇත.ඕනෑම අයෙකුට එය පරීක්ෂා කල හැකිය.

මගේ මව සහ බිරිඳගේ මව පමණක් ජීවත්ව සිටින අතර ඔවුන් දෙදෙනාම මේ වනතුරු කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගන නොමැත.

පියවරුන් දෙදනාම අප අතහැර ගොසින් වසර ගණනාවකි.

මගේ මවගේ නම A.M නන්දා අධිකාරි වන අතර ඇය ගුරුගොඩ, වීරපොකුණ ලිපිනයේ පදිචිව සිටියි.

ඇය අයත් වනුයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයටය.

බිරිඳගේ මව W.A මියුලට් නෝනා ය.

ඇය කුලියාපිටිය නගර සීමාවේ වාසය කරයි.ඕනෑම අයෙකුට මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කල බැලිය හැකිය.

ලක්‍ෂ 5 1/2 ක් වූ අස්ට්‍රසේනිකා එන්නත් ලබාගත් ප්‍රජාව අතරින් මරණය වැළඳ ගැනීමට තරම් අවධානමක් වූ 13000 කගේ ජීවිත රැකගැනීම සඳහා භාවිතා කල හැකිව තිබු අවසන් මාත්‍රා 13000 කොල්ලකෑ වෘත්තීය හොරුන් එය වසාගැනීමට සාවද්‍ය පෞද්ගලික මඩගැසීම කණගාටුදායකය.

විශේෂයෙන් GMOA යනු අතීතයේ සියලු දෙනා ගරු කල අභිමානවත් නායකයින් නායකත්වය සපයන ලද අභිමානවත් වෘත්තීය සංගමයකි.

නමුත් අද එය එක් දේශපාලන පක්ෂයක අනුශාකාවක් බවට පත්කොට තම නියෝජිතයන් මවු පක්ෂයෙන් පාර්ලිමේන්තු යවා දේශාපාලනයට නිර්වස්ත්‍රව කඩේ යන ගමන් අනිත් එකාගේ අමුඩයේ පාට හොයන තැනට පත් කර ඇත.

වචන කිහිපයක් ප්‍රකාශ කළහොත් එයින් ඔවුන්ට හැකි පමණ මඩගහන තැනට පත්ව ඇත.

අප නිහඬව සිටියත්, ඔය නායකයින්ගේ කෙරුවාවල් සියල්ලම අප සතුව ඇතත් අප එවැනි පෞද්ගලික මඩ ව්‍යාපාර නොකරනුයේ අප තවමත් ශිෂ්ඨ සම්පන්න වෘත්තීය සමිති ක්‍රියාවලියක නිරත වන නිසා සහ අප අදටත් ගරු කරන වෛද්‍ය වෘත්තිකයින් රාශියක් තවමත් ඔය වෘත්තීය නියෝජනය කරන නිසාවෙනි.

උපුල් රෝහණ – සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

RECENT ARTICLES - SINHALA

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...