30 C
Colombo
Monday, May 29, 2023

ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සාමාජිකයන් 40 දෙනෙකු මරුට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේදී ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සාමාජිකයන් 40 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

හෙල්මාන්ඩ් පළාතේ අගනුවර වන ලක්ෂාර්ගාහි බන්ධනාගාරය ඉලක්ක කරගෙන තලේබාන් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එය මැඩලීම සදහා ඇමරිකානු හමුදා මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි සදහන් වේ.

ලක්ෂාර්ගා නගරය අල්ලා ගැනීම සදහා මේ වනවිට තලේබාන් සංවිධානය ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදා ඔවුන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වයාමේ අවසන් අදියරේ පසුවුවද ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම සදහා සහය දෙන බව ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා ප්‍රධානී ජනරාල් කෙනත් මැකන්සි සදහන් කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීම සදහා තමන් අඛණ්ඩව ගුවන් සහය ලබාදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

සා. පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවයි

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව අද(29) කටයුතු කර තිබෙනවා.

පුරවර උදානය නවතින ලකුණු?

අනුරාධපුර මහ නගර සභාව මගින් පොසොන් උත්සවය සමයේ අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙලේ පාසැල් පිහිටි ප්‍රදේශයේ පිහිටි වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී ලබන මැයි මස...

RECENT ARTICLES - ENGLISH

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.

Nathasha Edirisooriya arrested by CID

0
Nathasha Edirisooriya who made some controversial statements at a stand up comedy event held recently was arrested by the CID at Bandaranaike...

Distinguished diplomat Jayantha Dhanapala passed away

0
Jayantha Dhanapala, a distinguished diplomat who served as the United Nations Under-Secretary-General for Disarmament Affairs and as Sri Lanka's Ambassador to the...