32 C
Colombo
Sunday, June 4, 2023

චීනයට විරුද්ධ වූ ලිතුවේනියාවට ඇමරිකාවෙන් පණිවිඩයක්

- Advertisement -

තායිවානයයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කාර්යාලයක් පිහිටුවීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් ලිතුවේනියාව ගත් තීරණයට ඇමරිකාව සිය සහය පළකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිතුවේනියාවේ විදේශ අමාත්‍ය ග්‍රේබිලියුස් ලැන්ඩ්ස්බර්ගිස් ඇමතූ ඇමතූ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් ලිතුවෙිනියාවෙි විදේශ ප්‍රතිපත්තිය සමිබන්ධයෙන් සිය සහය පළකළ බවයි.

පැරණි සෝවියට් දේශයේ සාමාජිකයෙකු වූ බෝල්කන් කලාපයේ පිහිටි ලිතුවේනියාව පසුගියදා තායිවානයේ රාජ්‍ය නියෝජිත කාර්යාලයක් සිය රට තුළ ස්ථාපිත කරන්නට අවස්ථාව සැලසීය.

මේ සම්බන්ධයෙන් චීනය සිය දැඩි විරෝධය පළකළ අතර අදාළ තීරණය ක්‍රියාත්මක වුවහොත් තම තානාපති නියෝජිතයා ලිතුවේනියාවෙන් ඉවත් කරගන්නා බවට ද ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් චීනයේ විරෝධය නොතකා ලිතුවේනියාව තායිවාන රාජ්‍ය නි⁣යෝජිත කාර්යාලයක් විල්නිස් අගනුවර ස්ථාපිත කිරීමට ඉඩ ලබාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනය තම නියෝජිතයා ලිතුවේනියාවෙන් ඉවත් කර ගැනිණ.

මෙම පසුබිම තුළ ඇමරිකාව නේටෝ රාජ්‍යයක් ලෙස ලිතුවේනියාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන බවට සහතික වී ඇති අතර එරට විදේශ ප්‍රතිපත්තිය අගය කිරීමට ලක් කර ඇතැයිද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.