31 C
Colombo
Saturday, July 27, 2024

කොරෝනා අවසන් වාර්තාවට බයිඩන්ගෙන් මාස තුනක්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව මාස තුනක් තුළ තමන්ට ලැබිය යුතු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇතැයි ධවල මන්දිරය පවසයි.

පසුගිය බදාදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධි අංශවලට නියෝග කළේ කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය පිළිබද වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසටයි.

ජනාධිපති බයිඩන්ගේ මෙම හදිසි නියෝගයට හේතුව කොවිඩ් 19 වෛරසය චීනයේ විද්‍යාගාරයක නොසැලකිලිමත් කටයුතු නිසා නිකුත් වූවක් වන බවට පවතින සැකය වර්ධනය වීම ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

වෛරසයේ ප්‍රභවය පිලිබද මේ වනතෙක් පැහැදිළි සොයාගැනීමක් සිදුව නොමැත.

එය වවුලන් හෝ වෙනත් සතුන් ආහාරයට ගැනීම හරහා මිනිසාට ආසාදනය වන්නට ඇතැයි යන්න එක් මතයකි.

එහෙත් පසුගිය වකාවානුවේ ඇතැම් විශේෂඥයන් සදහක් කළේ කොවිඩ් 19 වෛරස් ප්‍රභේද පිලිබද පරීක්ෂණ සිදුකරන වුවාන්හි පරීක්ෂණාගාරයක නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙය පරිසරයට නිකුත් වී ඇති බවයි.

මේ සියලු කරුණු පිලිබද විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍යය තහවුරු කිරීම ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු බුද්ධි අංශ වෙත පවරා ඇති වගකීමයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...