31 C
Colombo
Saturday, July 27, 2024

ලෝක නායකයන් ඇමෙරිකාව ‘කින්ඩි කරලා’

- Advertisement -

ඇමෙරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදුණු ට්‍රම්ප් හිතවාදීන්ගේ යකා නැටිල්ල ලෝක දේශපාලනයට විශාල බලපෑම් එල්ල කරන සිදුවීමක් වේවි. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ඡන්ද මිලියන හතකින් ඡන්දයක් පරාජය වුණාට පසු, අධිකරණ ගණනාවකින් ඒ පරාජය තහවුරු කළාට පසු පරාජය පිළිනොගෙන සිටීම ලෙහෙසි පහසු සිදුවීමක් නෙවෙයි.

මේ සිදුවීමෙන් පස්සේ ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදී බණ දෙසන්නේ කොහොමද. ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් ගෝලීය ආරක්ෂකයන් නැති බව, තම තමන්ගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය තමන්ම බලාගන්න ඕනෑ බව මේ සිදුවීමෙන් හිතෙනවා. මේ වෙද්දී රුසියාවේ, චීනයේ මෙන්ම ඉරානයේ නායකයන් ඇමෙරිකාවේ සිදුවීමට දැක්වූ ප්‍රතිචාරයෙන් තත්වයේ බරපතලකම පේනවා.

ලෝකයේ බොහෝ ඒකාධිපතිවාදී, අධිකාරීවාදී නායකයන් මේකට හොඳ හොඳ ඒවා කියා තිබුණා. ඒ නායකයන් හැමදාම ඇමෙරිකාව අනුන්ට ප්‍රජාතන්ත්‍රවාදී බණ කියන එක ගැන විරෝධයක් දැක්වූවා. මේ වගේ සිදුවීමකින් පස්සේත් ප්‍රජාතන්ත්‍රවාදී බණ කියන්න ආවොත් ඇමෙරිකාවට කණේ ඇඟිලි ගහගන්ඩ කියන්න හැකි වේවි.

‘ඇමෙරිකාවේ අපි දැකපු දෙයින් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර දුර්වලද කියා පෙනුණා. ඒකේ පදනම් කොච්චර දුර්වලද කියා පෙණුනා.’ ඉරානීය ජනපති හසන් රවුහානි බ්‍රහස්පතින්දා එහෙම කීවා. ට්‍රම්ප් අසනීපෙන් ඉන්න කෙනෙක් බව ඔහු කීවා. ‘ පැරදෙන අයට ජයග්‍රාහකයා දූෂිත බව කියන්න පුළුවන් වෙලා.

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කොර ගහන බව ඒකෙන්ම පේනවා.’ රුසියානු ව්‍යවස්ථාදායකයේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති කන්ස්ටන්ටින් කොසචෙව් එසේ ලියා තිබුණා. චීනය මරු ප්‍රතිචාරයක් දැක්වුවා. පහුගිය කාලයක් තිස්සේ හොංකොංහි පුරවැසියන් චීනයට විරුද්ධව උද්ඝෝෂණය කළ බව මතක ඇති.

උද්ඝෝෂකයන්ව චීන ආණ්ඩුවෙන් දරුණුවට මර්දනය කළා. ඒ මර්දනයට ඇමෙරිකාවේ විරෝධයක් හැදුණා. අනෙක් පැත්තෙන් චීනය කීවේ උද්ඝෝෂකයන් ඇමෙරිකාවෙ ඉත්තන් බව. මේ උද්ඝෝෂකයන් දෙගොල්ලේ ඡායාරූප එකට දමා ‘කර්මය’ පලදීමක් ලෙස සටහන් කර තිබුණා. චීනයේ විදේශ සම්බන්ධතා පිළිබඳ මාධ්‍ය ප්‍රකාශිකා හුආ චින්‍යින්ග් කියා තිබුණේ හතරදෙනෙක් ඝාතනය කිරීමෙන් ඇමෙරිකාවේ පොලීසිය කොච්චර දරුණුද කියා පෙනෙන බව.

හොංකොං උද්ඝෝෂකයන්ට එහෙම සැලකුවේ නැති බව ඇය පෙන්වා තිබුණා. ඇතැම් රාජ්‍යයන් ඇමෙරිකාවට ‘කින්ඩි කර’ තිබුණා. සාමාන්‍යයෙන් වෙන රටක මෙවැනි සිදුවීමක් වුණාට පස්සේ ඇමෙරිකාවෙන් දාන නිවේදන වගේ ඒවා ඒ රටවල් දමා තිබුණා.

තුර්කිය තමන්ගේ රටෙන් ඇමෙරිකාවට ගිය සංචරකයන්ට ‘ආරක්ෂා වෙන්නැයි’ අනතුරු හඟවා නිවේදනයක් දැම්මා. තුර්කි විදේශ අමාත්‍යාංශය නිවේදනයකින් ඇමෙරිකාවේ ‘දෙපාර්ශ්වයටම’ ප්‍රජාතන්ත්‍රවාදී සහ නිතියානුකූල ආකාරයට හැසිරෙන ලෙස ‘අවවාද කර’ තිබුණා. ලෝකයේ තව රටවල් ගණනාවක් මේ සිදුවීමට ප්‍රතිචාර දක්වා තිබුණේ ඔයා ආකාරයට. මේ කලබලයෙන් ලෝකය ඉදිරිපිට ඇමෙරිකාවට ඇති වූ ලැජ්ජාව, කාලයක් යනතුරු තුරන් නොවේවි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...