31 C
Colombo
Wednesday, March 29, 2023

සමාජ මාධ්‍ය කැළඹූ කවුද මේ ‘උස ටීචර්’

- Advertisement -

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සමඟ ගුරුවරියක් සිට ඇය ලියා ඇති සටහනක් මේ දිනවල සමාජමාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මේ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති අතර ඔහු ලකුණු 99 ක් ලබාගැනීම දක්වා ආ ගමන්මඟ පිළිබදව මෙම ගුරුවරිය Facebook සමාජ මාධ්‍යයේ සංවේදී සටහනක් තබා තිබුණා.

හිරුණි නදීශානි ගුරුවරිය කරගම්පිටිය විජය විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියක්. ඇයට මීට මාස 6 කට පෙර හරි අපූරු දරුවෙක් මුණ ගැහුණා. ඒ තමයි රමල්. රමල් අනිත් දරුවන්ගෙන් වෙනස් දරුවෙක්. සමාජයට අනුව රමල් මොංගල් දරුවෙක්. ඒත් හිරුණිටත් එම පාසලේ චාන්දනී අරන්දර ගුරුවරියටත් ඔහු සුවිශේෂ දරුවෙක් වුණා. රමල්ව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉගෙන ගන්න පාසලකට දාන්න කියලා අනෙක් පාසල්වලින් ඔහුව ප්‍රතික්ෂේප කරනකොට හිත රිදුන රමල්ගේ දෙමව්පියන් අන්තිමේදි ආවේ කරගම්පිටිය විජය විද්‍යාලයට. ඒත් භික්ෂූන්වහන්සේ නමක් විදුහල්පති ධූරය හොබවන මෙම පාසලට රමල්ව ගන්න කැමති වුණේ ඔහුව විශේෂ දරුවෙක් විදිහට උගන්නන්න නම් නෙවෙයි. සාමාන්‍ය දරුවෙක් විදියට අනිත් දරුවන් සමඟම ඉගෙන ගන්න. ඒකට මේ හරි අපූරු ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. ඒ වගේම ආදරයක්. ඒ ආදරය, ඒ සෙනෙහස අපතේ නොයවන්න රමලුත් වගබලාගත්තා. ඒ තමයි මේ පාර ශිෂ්‍යත්ව විභාගයෙන් රමල් වගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ලකුණු 99 ක් ලබාගෙන පෙන්වීම. රමල්ගේ මේ දස්කම හිරුණි ටීටර්ට වගේම පාසලේ අනෙක් ගුරුවරුන්ගෙත් නෙතඟට කඳුලක් ගෙන එන්න හේතු වුණා.

කොහොම වුනත් රමල්ව මුළු රටම දැනගත්තේ හිරුණි ටීචර්, එහෙමත් නැත්තම් රමල්ගේ වචනවලින් කියනවා නම් උස ටීචර් නිසයි. බලධාරීන්ගේ අවධානයට ලක් නොවුණු කරගම්පිටිය විජය විද්‍යාලයේ පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ මෙම ගුරුවරුන් තමන්ට හැකි උපරිමයෙන් මේ දරුවන් රැකබලා ගෙන ඉගැන්වීමේ කටයුතු කරන ආකාරයත්, සමාජයේ වගේම පාසල් තුළත් පවතින දැඩි සම්පත් හා ආකල්ප විෂමතාවයන් ගැනත් බලධාරීන්ගේ අවධානය යොමු කරවන්න හිරුණි ගුරුවරිය උත්සහ කරලා තියෙනවා.

මෙවැනි පාසල් ගැන, මෙවැනි අඩුපහසුකම් යටතේ දරුවන්ව අත් නොහරින ගුරුවරුන් ගැන අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය කවදා යොමුවේ දැයි අපි නම් දන්නේ නැහැ. කොහොම වුනත් මේ ගැන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවෙලා තිබුණා. ඒ පිළිබදව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා මෙම ගුරුවරිය ඇතුළු පිරිස සිදුකල ක්‍රියාව අගය කොට තිබීමම ඔවුන්ට ශක්තියක් වන්නට ඇති.

කොහොම වුනත් මෙවැනි සිදුවීම් පිළිබදව තව දින කිහිපයක් විතරක් සමාජ මාධ්‍ය තුළත්, සමාජයේ පුද්ගලයන් තුළත් කතාබහ ඇතිවී අමතක වී යාවී. නමුත් උණුවෙන හදවත් ඇති මෙවන් කාරුණික ගුරුවරුන් ඉන් පසුව කිසිදු ඇඟැයීමක්, පහසුකමක් නොලැබුනද මේ දරුවන්ගේ ඇස් පාදමින් යාවි.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...