29 C
Colombo
Tuesday, May 17, 2022

කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවයි

- Advertisement -

කෝවිඩ් 19 මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය එම පුවත්පතට පවසා ඇත්තේ එන්නත් කිරීමේ වැඩසටහන පසුගිය බදාදා (31) රාත්‍රියේ සිට අත්හිටුවා ඇති බවයි.

මීට හේතුව ලෙස ඇය සදහන් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම ප්‍රමාදවීම බවයි.

මීට පෙර ඉන්දියාවේ සේරම් ආයතනය ඇස්ට්‍රාසෙනෙකා එන්නත අපනයනය කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහතික වූයේ සෙරම් ආයතනයෙන් නියම කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට නියමිත වේලාවට ලැබෙනු ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...