යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ජෙනරාල් ධූරයට උසස් කිරීමෙන් අනතුරුව මහනුවර දළදා මාළිගාවට ගොස් උදුවප් පොහොය දිනය වන ඊයේ (29) දිනයේ දළදා මාළිගාව වැදපුදා ගත්තා.
ඉන් අනතුරුව යුද හමුදාපතිවරයා මල්වතු හා අස්ගිරි නාහිමියන් බැහැ දුටු අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ අමුතු බණක් යුදහමුදාපතිවරයා වෙත දේසනා කර තිබෙනවා.
එහිදී උන්වහන්සේ පවසා ඇත්තේ “ධර්මයට මුල්තැන දී කටයුතු කලහොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි” යනුවෙනි.
“මූලික දේ මිනිහා ජීවත්වෙන්න ඕනේ. එතනදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. රට-ජාතිය-ආගම. ඉස්සෙල්ලා රට රැකගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඒ ජාතීන්, ඊට පස්සෙ තමයි ධර්මය තිබෙන්නේ. අපි ධර්මයට මුල්තැන දීලා කටයුතු කරන්න ගියොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි. අනිත් එක මේ වෛද්‍යවරු තීරණය කරපු දේකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කරනකොට කොහොමද මේ රට ගෙනියන්නේ.”
මීට පෙර අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පුණ්‍යකර්මයකදීද මෙරටට අවශ්‍ය මිලිටරි පාලනයක් සහ හිට්ලර් වැනි නායකයෙක් යනුවෙන් උන්වහන්සේ පැවසූ බණක් සම්බන්දයෙන් සමාජයේ දැඩි විවේචනයට ලක්වුණා.