27 C
Colombo
Wednesday, April 23, 2025

එළවළු මිල ඉහළ යයි

- Advertisement -

පැවති අයහපත් කාලගුණයෙන් එළවළු වගාව විනාශ වීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලයේ පහළ ගොස් තිබු එළවළු මිල යළි ඉහළ ගොස් ඇති බවයි කැප්පටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් පෙන්වා දෙන්නේ.

වැලිමඩ හා ඌවපරණගම ඇතුලු බොහෝ ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් එළවළු වගාව විශල වශයෙන් විනාශයට පත්වුණා.

ඒ හේතුවෙන් එළවළු මිල ඉහළ ගිය අතර අද දිනයේ කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 400ත් –  450ත් අතර පැවතුණා.

ලීක්ස් කිලෝ ග්‍රෑමයක තොග මිල ද එම අගයම ගත් අතර බීට් කිලෝ ග්‍රෑමයක් අලෙවි වුයේ රුපියල් 280ත් – 320ත් අතර මිලකටයි.

කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 280ත් – 300ත් අතර මෙන්ම මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 350ත් – 400ත් අතර පැවති බවයි වෙළදුන් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES