28 C
Colombo
Saturday, July 27, 2024

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

- Advertisement -

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම් පරිශ්‍රයේදී පැවති උත්සවයකදී පරිත්‍යාග කරනු ලැබුවා.

මෙම වාහන තොගය අතර අති නවීන උපාංග සහ ඉහළ ධාරිතාවයෙන් යුතු බෝට්ටුවක්, ගිනි හා මුදවා ගැනීමේ රථ දෙකක්, පෙර ගමන් රථයක්, කැබ් රථ දෙකක්ද වුණා.

මෙම බෝට්ටුව අශ්ව බල 100 සහ අශ්ව බල 25 එජින් දෙකකින් බල ගැන්වෙන අතර එම බෝට්ටුවෙහි ජී.පී.එස් තාක්ෂණය ඇතුළු නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයේ හදිසි අවස්ථාවකදී ගුවන් යානා අනතුරක් සිදුවුවහොත් එහි සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බේරාගැනීම සදහා බෝට්ටු සේවාවක් සූදානම් කර තැබිය යුතු බවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මගින් නිර්දේශ කර තිබෙනවා.

එහෙත් මෙම අති නවීනතම බෝට්ටුව, ජාතික අවශ්‍යතාව සළකා බලා ගුවන් තොටුපොළ විසින්, විදේශයන් ගෙන් රට තුළට රැගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...