28 C
Colombo
Saturday, July 27, 2024

අටලුගම දැරිය ඝාතන සිද්ධියේ සැකකරුට අධිකරණයෙන් දුන් තීන්දුව

- Advertisement -

මීට වසර දෙකහමාරකට පෙර පානදුර – අටලුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් මඩේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් සැකකරුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර විසින් බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඩුවම් නියම කර තිබෙනවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ, මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් ගෙවන ලෙසයි.

එය නොගෙවන්නේ නම් වසර හයහමාරක ලිහිල් සිර දඬුවම්ද සැකකරුට නියම කර තිබුණා.

2022 වසරේ මැයි මස 28 වනදා දැරිය නිවස ආසන්නයේ වෙළඳ සැලකට ගොස් යළි පැමිණෙන අතරතුර අපයෝජනය කිරීමේ අරමුණින් ඇයව රවටා අවට පිහිටි ළඳු කැළෑවකට ගෙන ගොස් දූෂණය කිරීමට මොහු උත්සාහ කර තිබුණා.

කෙසේ වෙතත්, දැරිය එම අවස්ථාවේ කෑ ගැසීම හේතුවෙන් බියට පත් වූ සැකකරු ඇයව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවයි හෙළි වී තිබුණේ.

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...