29 C
Colombo
Friday, June 2, 2023

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා දැයෙන් සමුගනියි

- Advertisement -

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා අද(17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

හිමි නැති පෙමකට, වාසනා වේවා, විකසිත වත කමලේ, හද විලේ, දේව මන්දිරේ, ආදර ප්‍රිය ළඳුනේ, උන්මාද වූ ප්‍රේමාදරේ, හදිසියේ හනි හනිකට, වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ඔහුගේ දෑතින් නිර්මාණය විය.

80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා මහතා විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්න වේ.

මියයන විට 74 වියේ පසු වූ ඒ මහතා කෙටිකලක් රෝගාතුරව පසු විය.

එම මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර ඇති බවත් අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...