28 C
Colombo
Saturday, July 27, 2024

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 94 වියේ පසුවුණා.

ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබූ අතර, මූලික අධ්‍යාපනය ලැබුවේ, කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලෙන්.

වැඩිදුර අධ්‍යාපනය සඳහා කොටහේන මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් වුණා.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහායි.

නමුත් මීට පෙර ඒ.පි.එම. නූර් නම් ව්‍යාපාරිකයා විසින් නිෂ්පාදනය කිරීමට යෙදුනු චිත්‍රපටයක් වූ ‘ජිවිතයේ ප්‍රීතිය’ නම් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ෂෙල්ටන්ව තෝරාගෙන තිබුණා.

ඔහු මෙම චිත්‍රපටයට ‘කදිරනේ ධීර වීරා’ නම් වූ ගීතය නිර්මාණය කරනු ලැබු නමුත්, අවාසනාවකට මෙම චිත්‍රපටය අතරමඟ නතර වුණා.

මෙහි පුදුමය දනවන කරුණ වන්නේ ඒ.පි.එම. නූර් නම් ව්‍යාපාරිකය තම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ශේල්ටන්ට පවරන විට ශේල්ටන්ගේ වයස 17ක් වීමයි.

පසුකාලීනව ‘දස්කොන්’ චිත්‍රපටය තුළින් ඔහු තම හැකියාව මනාව පෙන්නුම් කළ ශෙල්ටන් සිසිර සේනාරත්න සමග රුක්මණී ගායනා කළ ‘සොම්නස පෙම්රස එකතු වුණා’ ගීතය හා ෂෙල්ටන් සිසිර සේනාරත්න සමග ගායනා කළ ‘ධර්ම රජයෙනි සැප’ ගීතය දස්කොන් චිත්‍රපටයේ ඇති ශ්‍රාවක සිත් දිනාගත් ගීත දෙකක්.

මෙහි ‘ධර්ම රජයෙනි සැප’ ගීතය සිංහල චිත්‍රපටයක ආ පළමු ශාස්ත්‍රීය ගීතය යි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසින්.

‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයක්.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන “My dreams are roses for my love” (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ) ගීතය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා ගායනා කළ “රන්තරු පුන්සඳ” ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සක්.

කලකට ඉහතදී දීපසිඛා නම් වූ චිත්‍රපට උළෙලේ නාවික හමුදාවේ වාදන මඩුල්ල මෙහෙයවා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

හමුදා සේවක වාදක මණ්ඩලයක් ඉන් බාහිර සංගීතඥයෙකු මඟින් ලංකාවේ දී මෙහෙයවූ ප්‍රථමයාද මොහු වනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...