25.2 C
Colombo
Tuesday, March 5, 2024

ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 88වන වියේ පසුවියේ පසුවුණා.

ලංකාදීප පුවත්පතට එතුමා “පලාමල්ල” කාටුන්ද, “අනේද කියන්නේ” යන සිවු පද කවියද ජයසිංහ මහතා දිනපතා නිර්මාණය කළා.

1954 වසරේදී “දිනමිණ” පත්‍රයේ “චිත්‍රා” චිත්‍ර කතාව හරහා චිත්‍රකතා ශිල්පයට පිවිසුණු තලංගම ජයසිංහ ඉන් අනතුරුව සිළුමිණ පුවත් පතේ පළ වුණු ‘ඇටසැකිල්ල’ ‘මිනිස්‌ දඩයම’ වැනි චිත්‍රකතා හරහා මිනිසුන් අතර ජනප්‍රියත්වක් හිමි කර ගෙන තිබුණා.

එමෙන්ම, සිළුමිණ පුවත් පතේ පළවූ “විලම්භීත”, “මනස්‌ගාත” යන චිත්‍ර කතා හරහාද රසිකයින් වැළඳගැනීමට ඔහු සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...