26 C
Colombo
Sunday, May 19, 2024

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩවෙලා

- Advertisement -

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වන අතර වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06 ක්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මුහුණදී ඇත්තේ දැඩි අර්බුදකයකටයි.

වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතුද කල් දැමීමට සිදුව තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද දිනයෙත් ක්‍රියාත්මක වනවා.

දීමනා ඉහළ නොදැමීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා.

කෙසේ වෙතත් තම වෘත්තිය ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...