හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා ප්‍රවීන රංගන ශිල්පියෙක් මෙන්ම දේශපාලඥයෙක් වූ විජය කුමාරතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා කිසිවිටෙකත් දේශපාලනයට නොඑන බව චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මිය පවසනවා.
Life Traveler යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කරන්නේ පවතින ජරාජීර්ණ දේශපාලනයට විමුක්ති එක්වනු දැකීමට තමන් අකමැති බවයි.
විමුක්ති කුමාරතුංග මේ වන විට විදෙස්ගතව පශ්චාත් උපාධියක් හදාරමින් සිටින බවත් එය අවසන් කර මෙරටට පැමිණීමට නියමිත බවත් සදහන් කරන හිටපු ජනාධිපතිනිය පවසන්නේ තමන් සතුව ඇති බූදලය බලාකියා ගනිමින් විමුක්ති කුමාරතුංග ඉදිරි කටයුතු කරනු ඇති බවයි.
මීට අදාල දර්ශන පහතින්,