33 C
Colombo
Friday, May 3, 2024

සුපිරි නළු වින් ඩීසල්ට බරපතළ චෝදනාවක්

- Advertisement -

“ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්” චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට ලිංගික අපරාධ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

වින් ඩීසල්ගේ සහයිකාව වශයෙන් සේවය කළ ඇස්ටා ජොනැසන් නමැති කාන්තාව මෙම චෝදනාව එල්ල කර ඇති අතර ඇය මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලිස් අධිකරණයක නඩුවක් ගොනු කිරීමටද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

2010 වසරේ ඇට්ලන්ටා හි පැවති “Fast Five” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර වින් ඩීසල් තමාට ලිංගික අතවර කළ බවට ඇස්ටා ජොනැසන් චෝදනා කරනවා.

ඇය තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීමෙන් පැය කිහිපයකට පසු ඉතා අසාධාරණ ලෙස තමාව රැකියාවෙන් ඉවත් කිරීමටද සුපිරි නළු වින් ඩීසල් කටයුතු කර ඇති බවයි.

කෙසේවෙතත්, වින් ඩීසල් මෙම ලිංගික අපරාධ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ නීතීඥවරයා සඳහන් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...