බංගලාදේශයේ චීන වැඩබිමක ඇතිවූ ගැටුමකදී විශාල දේපළ හානියක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
බරිසාල් ප්‍රදේශයේ පෙයරා ගංගාව ආශ්‍රිතව චීන ආධාර මත සිදුවන පාලමි ඉදිකිරීමේ ව්‍යාපෘතියක චීන ජාතික වැඩබිම් පරීක්ෂකවරයෙකු බංගලාදේශ ජාතික සේවකයෙකුට පහරදීම මෙම ගැටුමට මුල්වී ඇතැයි සදහන් වේ.
එහිදී අදාළ සේවකයා බරපතල තුවාල ලබා ඇති අතර ඉන් කුපිත වූ සෙසු බංගලාදේශය ජාතික සේවකයන් චීන සමාගමේ වාහන, චීන ජාතික සේවකයන්ගේ නේවාසිකාගාර ඇතුලු දේපල රැසකට අලාභ හානි කර ඇති බව බංගලාදේශය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම තත්වය හේතුවෙන් බංගලාදේශයේ චීන වැඩබිම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි චීනයේ මෙන්ම බංගලාදේශයේද දැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙි.