27 C
Colombo
Thursday, March 23, 2023

විශාකා විදුහල්පතිනිය සාහිත්‍ය උගන්වන්න ආ ගුරුවරයාට තර්ජනය කරලා

- Advertisement -

කොළඔ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය ඉගැන්වීම ගිය ගුරුවරයෙකු එම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඔහු විසින් ගෙනෙන ලද සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය ඇගට විසිකර දමා, පාසලේ ආරක්ෂකයින් 4 දෙනෙකු තම කාර්යාලයට ගෙන්වාගෙන තර්ජනය කොට විදුහල්පති කාමරයෙන් එළියට ඇද දැමීමට උත්සාහ කිරිම දැඩි පිළිකුළෙන් හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා නිව්ස්19 වෙත පැවසීය.

එම ගුරුවරයා ජනවාරි 04 දින විද්‍යාලයේ වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේ දී මෙම සිදුවීම වාර්තා වී ඇත.

එම අවස්ථාවේදී විශාකා විදුහලේ විදුහල්පතිනය වන සඳමාලි අවිරුප්පල මහත්මිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇගේ ගෝලයන්ට මෙම පාසලේ වැඩභාර නොදෙන බව පවසා ඇති බවත් ජෝසෆ් ස්ටාලීන් මහතා පවසයි.

සිද්ධියට මුහුණ දුන් එච්.ජී. වසන්ත මහතා අධ්‍යාපන ලේකම්වරයාට 2021.10.05 දිනැතිව ලිඛිත පැමිණිල්ලක් කර ඇති අතර, 2021.01.05 දිනම රාජකාරියට වාර්තා කිරීමට ඉඩ නොදීම මත  බම්බලපිටිය පොලීසියට  CIB I 180/22 අංකයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කොට ඇත.

විශාකා විදුහලේ විදුහල්පතිනයගේ අත්තනෝමතික කි‍්‍රයාකාරීත්වයන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ඉදිරිපත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඇය සම්බන්ධයෙන් සහනශීලී පියවරක් අනුගමනය කිරීම  බරපතල පක්ෂපාතී තත්වයක් බවත් ස්ටාලීන් මහතා පැවසීය.

තවද විශාකා විද්‍යාලයේ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු වූ අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා 15 ක් අඩංගු චෝදනා පත‍්‍රයක් රාජ්‍ය සේවා කොමිසම විසින් 2019.09.25 දිනැතිව ඇයට ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විනය පරීක්ෂණය මේ දක්වා අවසන් කොට නැත.

එසේ තිබියදී ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ඉදිරිපත් වී තිබියදී 2021 ට අදාළ ළමුන් ඇතුළත් කිරීමේ කි‍්‍රයාවලියට ඇය ඇතුළත් නොකළ යුතු බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම 2020.07.07 දිනැතිව ESC/GEN/01/09/2019 අංකයෙන් යුතු ලිපියක් අධ්‍යාපන ලේකම් වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් වන නිරීක්ෂණ අධ්‍යාපන ලේකරම්වරයාගෙන් ඉල්ලා තිබුණු නමුත් මේ දක්වා අදාල පැමිණිල්ලට කිසිදු විමර්ශණයක් සිදු කර නොමැති බවත් ස්ටාලීන් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන මෙම විදුහල්පතිනියට චෝදනා පත‍්‍රයක් තිබියදී හා මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරද්දී,  ඇය ජනාධිපතිවරයා විසින් 2169/2 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පත් කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස ද පත් කර තිබීම ගැටලූකාරී තත්වයක් බවත් ස්ටාලීන් මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...