ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවයේ සේවය කරන සේවකයින් 560 ක් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් බිලියන 1.46ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අධ්‍යනය කිරීම සදහා රාජ්‍ය ගුවන් හා අපනායන කලාප සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, ඉදිරි වසර තුන සඳහා එම සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, යෝජිත ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න නිර්දේශ කර ඇත. ඒ අනුව අදාල සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම සඳහා කැමැත්ත පළ කර ඇත.