27 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

- Advertisement -

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21)   පස්වරුවේ පැවැත්වීමට නියමිත තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන අතර එහි ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ අද දිනයේ සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

පොලීසියෙ​න් පාරේ ගි​ය මිනිස්සුන්ට​ත් ජල ප්‍රහාර

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කළ රැකියා විරහිත උපාධාධාරීන්ගේ විරෝධතාවයට පොලීසිය අද (18) ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. "රැකියාව අයිතියක්" යන...

අනුරගේ කතා අලුත් ක​තා නෙමෙයි – ජොන්ස්ටන්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා​ගේ කතා අලුත් කතා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ​තා පවසනවා. එහිදී මන්ත්‍රීවරයා...

තාඹුගලගේ රහස්‍ය ප්‍රකාශය දෙන්න දිනයක්

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි  කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...