29 C
Colombo
Saturday, July 27, 2024

ආයෙත් පඩි වැඩි කළොත් ආර්ථිකේ වැටෙයි – ඇමති අමරවීර

- Advertisement -

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා.

කෙසේවෙතත්,මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කර ඇති අතර ඊට  පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණා.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...