29 C
Colombo
Saturday, July 27, 2024

මහවැලි ගඟ දෙපස ජනතාවට අනතුරු ඇඟවීමක්

- Advertisement -

පවතින අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වනවිට එය පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනය කරනවා.

එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසටයි.‍

එබැවින්, කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලේ ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...