26.1 C
Colombo
Wednesday, October 4, 2023

ට්‍රම්ප්ටත් පාලනයක් නැතිව වොෂිංටනය ගිනි ගනී

- Advertisement -

සෙනෙට් මණ්ඩලයේ බලය තීරණය කෙරුණු ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ජය ජෝ බයිඩන්ට හිමිවීම සමග ඇමෙරිකානු අගනුවර වූ වොෂිංටනය පුරා කැරැලිකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර වොෂිංටනය තාවකාලිකව වසා දැමීමට බලධාරින් තීරණය කර ඇතැයි සී.එන්.එන් පුවත් සේවය සඳහන් කරයි. 
ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම නිල ට්විටර් පණිවුඩ හරහා ප්‍රකාශ කළේ තමා මැතිවරණ ප්‍රතිඵලය නොපිළිගන්නා බවයි. ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසුව ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සුපුරුදු ක්‍රියාවේ නිරත වූ අතර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩඩ තුනක් මෙම කැරැලිකාරීත්වයට පදනම දමා තිබේ. 
2020 පැවැති ජනාධිපතිවරණයෙන් ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂකයන් දෙදෙනාටම සියයට පනහේ සීමාව ඉක්මවා යෑමට නොහැකි වූ අතර ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය තීන්දු කිරීමට ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වීමට ඇමෙරිකානු මැතිවරණ බලධාරිහු ඊයේ(6) තීරණයක් ගත්හ. එම මැතිවරණය ජයගැනීමට සමත්වුණේ නව ජනපති ජෝ බයිඩන්ය. ඩිමොක්‍රටික් අපේක්ෂක රෆායෙල් වර්නොක් ජය තහවුරු කරගැනීම සමග ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකරගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට හැකිවිය. ජෝර්ජියා ප්‍රාන්තයේ ආසන දෙකම දිනාගැනීමට ජෝ බයිඩන් සමත් වූ නමුත් ඩොනල්ට් ට්‍රම්ප් ඊට අභියෝග කළෙන් නිවී ගිය ගිනි නැවතත් දැල්වීමට රිපබ්ලිකානුවෝ කටයුතු කළහ.
ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකානුවන් වීදි බැස විරෝධතා දක්වමින් කලහකාරී ලෙස හැසිරෙමින් ඇති අතර ඊට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. වොෂිංටන්හි කැපිටල් හිල් ගොඩනැගිල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණත් විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස ඊට ඇතුල්වීමට උත්සාහ දරා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇමෙරිකානු ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීමට දරා ඇති උත්සාහ පවා ව්‍යර්ථ වී තිබේ. ගොඩනැගිල්ලේ ජනේල දොරගුඵ කඩා ඊට ඇතුල් වූ ඔවුහු සභා ගර්භයේ කථානායක පුටුව පවා අත්පත් කරගගෙන ඇති අතර මෙහිදී ඇති වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ද මරුමුවට පත්ව ඇත.  
වොෂිංටනයේ ට්විටර් මාධ්‍ය ජාලයට ද සීමා පනවා ඇති අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය දොළහක කාලයකට අවහිර කිරීමට ද කටයුතු කර තිබුණි. ට්විටර් පණිවුඩ තුන ඉවත්කරගැනීමට ද ට්‍රම්ප්ට ට්විටර් සමාගම ඉල්ලීමක් කර ඇති අතර එසේ නොකළහොත් ගිණුම අත්හිටුවන බවට ද අවවාද කර ඇත. ඇට්ලන්ටා පොලිසිය නිවේදනය කරන්නේ තත්ත්වය පාලනය කිරීමට ප්‍රාන්ත හා ෆෙඩරල් නීති යටතේ පූර්වාරක්ෂක පියවර අනුගමනය කරන බවයි. වොෂිංටනය සඳහා ඇඳිරි නීතිය පනවා ඇත. විරෝධතාකරුවන් 13 දෙනෙකු ගිනි අවි ද සමග අත්අඩංගුවට ගෙන ඇත. 
ඇමෙරිකානු අගනුවර වන වොෂිංටන්හි ට්‍රම්ප් හිතවාදීන් ආරම්භ කර ඇති විරෝධතා සහ කලහකාරී ලෙස වීදි බැස හැසිරෙන අන්දම ලොව පුරා ජනමාධ්‍යයේ ප්‍රධාන පුවත බවට පත්ව තිබේ. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සාමකාමී ලෙස හැසිරෙන්නැයි සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබුණත් තත්ත්වයෙහි වෙනසක් වී නැත.  
උද්ගතව ඇති තත්ත්වය හමුවේ නව ජනපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් කර ඇති අතර කලහකාරී හැසිරීම නතර කරන්නැයි රිපබ්ලිකානුවන්ගෙන් ඉල්ලා ඇත. මෙම පහරදීම විරෝධතාවක් නොව කැරැල්ක් යැයි පවසන හෙතෙම බිඳෙනසු`ඵ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට පෞද්ගලික බලය වෙනුවට පොදු යහපත වෙනුවෙන කැප වූ නායකයන් අවශ්‍යය යැයි අවධාරණය කර ඇත. තවත් සති දෙකකින් එනම් ජනවාරි 20 වැනි දින ඇමෙරිකාවේ 46 වැනි විධායක ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතය.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...