29 C
Colombo
Saturday, July 27, 2024

වටවල පාසල් සිසුවෙකුට කොවිඩ්

- Advertisement -

වටවල – කුයිල්වත්ත දෙමළ විද්‍යාලයේ‍ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

පසුගිය දිනෙක මෙම සිසුවා සිය මිත්තණිය සමග ඔහුගේ මව සහ පියා පදිංචිව සිටින ඔරුගොඩවත්තේ පිහිටි නිවසට ගොස් තිබුණා.
ඉන් අනතුරුව පෙරේදා (24) දිනයේ ඔවුන් නැවත නිවසට පැමිණෙන අතරතුරදී ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළේදී ඔහුට සහ මිත්තණියට අහඹු ලෙස PCR පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් එම PCR පරීක්ණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ඊයේ (25) අදාල සිසුවා පාසලට පැමිණ ඇතත් පාසල් බලධාරීන් ඔහුව යළි නිවෙස වෙත පිටත්කර යවා තිබුණා.
පසුව ඔහුගේ PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබී ඇති අතර එහිදී පාසල් සිසුවා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අද (26) එම පාසල් භූමියද සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක් කෙරුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...