26 C
Colombo
Friday, October 25, 2024

ධම්මික පැණිය වළලයි (VIDEO)

- Advertisement -

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමින් පෙනී සිටින කාලි දේවාලයේ කපු මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පසුගිය 11වනදා නිවේදනය කර සිටියා.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙන් ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව, එම පැණිය විකිණීම නීතියෙන් තහනම් වීම හේතුවෙන් ධම්මික බණ්ඩාර නැමැත්තාගේ ගෝලයන් එම පැණිය වළ දැමීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මෙම කොරෝනා මර්දන පැණිය නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබුණා.

එය ලබාගැනීම සඳහා කෑගල්ලට දහස් ගණනින් සෙනඟ පැමිණිය අතර එයට රාජ්‍ය අනුග්‍රහයද හිමිවුණා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රමාණයේ සාදික්කා ඇඹරුම් යන්ත්‍රයක්ද ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලබාදී තිබූ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද එය ප්‍රවර්ධනය කිරීමට මහත් වෙහෙසක් ගත්තා.

එම පැණිය පාර්ලිමේන්තුව කරාද ලඟා වූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද පැණිය පානය කර පෙන්වා එය ප්‍රවර්ධනය කරනු ලැබූවා.

වීඩියෝව මෙතනින්..


RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...