27 C
Colombo
Saturday, June 10, 2023

භාෂණයේ නිදහස, මුලාදෑනි දඬුවම් ක්‍රමය සහ ධම්මික

- Advertisement -

කම්මැලිවීරගේ තීරු ලිපි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමති ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන යසිරු කුරුවිටගේ යන තරුණයා ඊයේ (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබූ බව ඔබ දැනටත් දන්නා කරුණක්.

විනිශ්චය වෙමින් පවතින අධිකරණ කටයුත්තක් බැවින් ඒ සම්බන්ධව අදහස් දැක්වීමෙන් වළකින නමුත් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ දින අප තැබූ සටහන පමණක් මෙතැනට ඇමිණීමක් ලෙස එක් කිරීමට තීරණය කළා.

කෙසේ නමුත් මේ සියළු සිද්ධීන්ට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින නිකුත් කළ නිවේදනය සිහියෙන් සළකා බැලිය යුතුයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය තොරතුරු – ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සදහා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි එම නිවේදනය මගින් පොලිස් මූලස්ථානය අවධාරණය කර තිබුණේ. එවැනි අසත්‍ය කරුණු හරහා රටේ විවිධ අපරාධ ඉහළ යා හැකි බවත් මහජනතාව නිරෝධායන නීති ව්ලට පටහැනිව කටයුතු කිරීමට ඒහරහා අනුබල දීමක් සිදු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වුණා. මෙම වැරදි හේතුවෙන් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික ප්‍රතිපාදන ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් කියැවෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කර ඇති මෙම නිවේදනය කිරීම ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්. මෙවැනි අපරාධ සිදු කරන පුද්ගලයන් හට පොලිසියට ක්‍රියාත්මක වීමට ඇති හැකියාව මෙයින් පැහැදිලිව පෙනී යනවා.

එම කරුණ එසේ තිබයදී පසුගිය සමය තුල කාගේත් කතාබහට ලක්වූ, පුවත් සිරස්තල මැවූ “ධම්මික පැණිය” පිළිබඳව මදක් සිහිපත් කරමු.

ධම්මික පැණිය සමාජයට ඇතුළු වන විට මෙරට කොවිඩ් තත්ත්වය මෙතරම් දරුණු තත්ත්වයක පැවතියේ නැත. කෙසේ නමුත් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් කරළියට ගෙනෙන ලද මෙම කාලි දේවාලයක් පවත්වාගෙන යන කපුවාගේ දේව පැණිය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඇතැම් මැති ඇමතිවරුන්ගේ ද නොමද සහය හිමිවූ බව අප අමතක නොකළ යුතුව ඇත.

Optional 'anti-Covid' tonic to be registered as a Food Supplement
Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition  Syrup handed over to Speaker

පානය කළහොත් කොවිඩ් නිට්ටාවටම සුව වෙන බව කී මෙම පැණිය ලබාගත් අය අතරින් කොවිඩ් රෝගීන් මතුවීම ඇරඹුණේ මේ අතරය. සාමාන්‍ය මිනිසුන් රෝගීන් වීමට එතරම් අවධානයක් නොලැබුණද අදාල පැණිය ලබාගත් අමාත්‍යවරුන් රෝගීන් වීම වසන් කළ නොහැකි පුවත් සිරස්තල මවන ලදි.

කෙසේ නමුත් මෙම තත්ව සියල්ල නොසලකා ධම්මික බණ්ඩාර නමින් පෙනී සිටින කපු මහතා දිගින් දිගටම පැණිය බෙදාදීම සිදු කළ අතර ඊට ඇතැම් ආරක්ෂක අංශ සහභාගීත්වයක්ද දක්නට ලැබිණි. මෙම පැණිය ලබා ගැනීමට නිරෝධායන නීති රීති පසෙකලා ජනතාව පොදි බැඳගත් අයුරු ජාත්‍යන්තර මාධ්‍යයේ ඇසටද හසුවීම මෙරට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවට ලක් වීමට තුඩු දෙන ලදි.

කෙසේ නමුත් දීර්ඝ කාලයක් ගතවීමෙන් පසුව අවසානයේ ධම්මික කපු මහතාගේ පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත් වී ඇති බවට රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව විසින් අවසන් නිගමනයකට එළැඹෙනු ලැබුවා. මීට අමතරව අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බවට ද තහවුරු වූ බව ඔවුන් පවසා සිටියා. ඒ අනුව, සායනික පරීක්ෂාවෙන් අසමත් වූ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙසට ලිඛිතව දැනුම් දීමට දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවා

නමුත් එය එතැනින් අවසන් ද?

පොලිස් මූලස්ථානය පවසන නීතිය මෙම අවස්ථාවේදී පැවතුණේ බල රහිතවද?

පොලිස් මූලස්ථානය අද නිකුත් කළ ලිපියේ දැක්වෙන ආකාරයට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට ජනතාවට අනුබල දුන්, ජනතාව විශාල වශයෙන් රැස් කරගෙන ව්‍යාජ පැණියක් බෙදූ අදාල කපු මහතා ඉන් පසුවත් සිය පැණිය විකිණීමේ කටයුතු ඉතාමත් සුවපහසුව සිදු කරන බවට වාර්තා වරින් වර අපට දැක ගන්නට ලැබුනා.

එම කපුවාව ප්‍රවර්ධනය කළ මාධ්‍ය ආයතන වල පුද්ගලයන් මෙන්ම මැති ඇමතිවරුන්ද අද සුව පහසුවෙන් සිය නිවෙස් වල සිටිනවා.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උපුටා දක්වමින් අපට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ මෙපමණයි. පොලිසිය විසින් නීති පොත් දෙකක් අතැතිව බලයක් නොමැති සිවිල් ජනතාවට එක් නීතියක් සහ ප්‍රභලයන්ට තවත් නීතියක් ක්‍රියාත්මක කරන තුරු යුක්තිය වෙනුවෙන් ජනතාවට ඇති අයිතිය සැබැවින්ම බලාත්මක බවට සිත රවටා ගැනීමට කිසිවෙකුටත් නොහැකියි.

-පබසරා කම්මැලිවීර-

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.