31 C
Colombo
Sunday, June 4, 2023

දුමින්දට හිලව් වෙන්න රන්ජන් නිදහස් කරන්න කියලා අපි ඉල්ලන්නෙ නෑ

- Advertisement -

මරණ දඬුවම නියමවී සිටි දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබා දුන් නිසා ඊට හිලව් වශයෙන් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාටත් ජනාධිපති සමාව ලබාදෙන ලෙසට සමගි ජනබලවේගය විසින් ඉල්ලා නොසිටින බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා.

රන්ජන් රාමනායක මහතාට දුමින්ද සිල්වාට එල්ල වූ අන්දමේ බරපතළ චෝදනා එල්ල වී නොමැති බවත් එය සැලකිල්ලට ගෙන එය සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාටත් ජනාධිපති සමාව ලබා දෙනු ඇතැයි සිය පක්ෂය අපේක්ෂා කරන බවත් එම මහතා වැඩිදුරටත් පවසයි.

උසාවි අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා හට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

ජනපතිවරයාගෙන් රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු රජයේ සාමාජිකයින් කිහිප දෙනෙකුද ප්‍රකාශ කර තිබෙනවා.

මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බ්‍රහස්පතින්දා ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව නිදහස් විය.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...