තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු වන අමන් අෂ්රෆ් මහතා පවසනවා.
X හි සටහනක් තබමින් අමන් අෂ්රෆ් මහතා මේ බව සඳහන් කරනවා.
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර අදාළ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමටද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේවෙතත්, අමන් අෂ්රෆ් මහතා පවසන්නේ තමා පියා වන එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ජීවත්ව සිටියේ නම් කෞතුකාගාරයක් ඉදිකිරීම වෙනුවට, අධ්‍යාපනික ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම, කෘෂිකර්මාන්තයේ සහ ධීවර ගැටළු විසඳීම, විශේෂඥයින්ගේ දැනුම සඳහා ප්‍රවේශ වීමට ඇති අවස්ථා පුළුල් කිරීම සහ දිගාමඩුල්ලේ තරුණයින්ට නව වෙළඳපල තුළ වෘත්තීය අවස්ථා උත්පාදනය කිරීම වැනි යෝජනා ඔහු විසින් ඉදිරිපත් කරනු ඇති බවයි.
