32 C
Colombo
Friday, June 2, 2023

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

- Advertisement -

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා කියා සිටියේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේ නම් කඩිනමින් උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සුදානම් බවයි.

“ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්.

වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා.

එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන සිංහලද දෙමළද කථාවක් නැහැ. මේ කටයුත්තට සහභාගී නොවන සියලුදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණක් නෙමෙයි පාසල් ගුරුවරුත් ඒකට සහභාගී වෙන්නේ නැහැ.

ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම ඇදි ඇදි යන එකට අපි වගකිවයුතු නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ. රජය සුබවාදී ප්‍රතිචාරයක් දක්වනවානම් අපි ඕනෑම මොහොතක මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙනවා.

අද මේකට විසඳුමක් දෙනවානම් හෙට පටන් අරගෙන මේ ඉදිරියට එන නිවාඩු දවස් කියලා නැහැ අපේ සාමාජිකයින් සූදානම් උත්තර පත්‍ර බැලීමට සූදානම්.”

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...