29 C
Colombo
Sunday, June 4, 2023

අපි තමයි දකුණු ආසියාවෙ හොඳටම කොරෝනා පාලනය කළේ

- Advertisement -

කොවිඩ් වසංගතයට මුහුණදීම අතින් හා වසංගතය මර්දනය කිරීම අතින් දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ලක්ෂ 05 කට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

නාමල් රාජපක්ෂ මහතාගේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී මෙම වැඩසටහන ඇරඹුණු අතර සංචාරක හෝටල්වල සේවය කරන පුද්ගලයන් 500 කට සහ සංචාරක මාර්ගෝපදේශකයන්, සංචාරක රියදුරන්, සෆාරි රියදුරන් ඇතුලු ක්ෂේත්‍රයේ නිරත සේවකයන් 150 කට පමණ මධ්‍යස්ථාන හතරකදී එන්නත් ලබාදීම එහිදී සිදු විය.

මෙරට ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ වැඩසටහන මේ වනවිට රටතුළ ක්‍රියාත්මක වන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් කඩාවැටුණු ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත්, ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ඇමතිවරයා පවසනවා.

‍ජෛව ආරක්ෂණ බුබුළු ක්‍රමය හරහා සංචාරයක් ගෙන්වීම සිදුකළ දකුණු ආසියාවේ පළමු රට බවට පත්වීමට හැකි වූ බවද , එපමණක් නොව LPL තරගාවලිය පවා ඉතා සාර්ථකව පැවැත්වූ බවත්, මේ වනවිට දකුණු ආසියානු රටවල් රැසක් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා තරග ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

May be an image of 2 people, people standing, people sitting, indoor and text that says "Hilton VACCINATION DRIVE Tea DOUBLETREE ÛR PURPOSE TRAVEL"
May be an image of 2 people, people standing and indoor

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.