25 C
Colombo
Friday, March 29, 2024

අපිට කොන්ද කෙලින් තියාගෙන ගමට යන්න බැහැ – පොහොට්ටු මන්ත්‍රී (වීඩියෝ)

- Advertisement -

පසුගිය (28) වනදා පැවති පොදුජන පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම පොහොට්‍ටුවේ වැඩපිළිවෙල සහ නායකයන් විවේචනය කිරීම හේතුවෙන්.

ප්‍ර‍ාදේශීය සභා මන්ත්‍රී සිසිර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පොහොට්ටු‍වේ නායකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රාදේශීය නායකයන් ලෙස තමා වැනි පුද්ගලයන්ට ජනතාව ඉදිරියට ගොස් කොන්ද කෙලින් තබාගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වී ඇති බවයි.

පසුගිය මැතිවරණවලදී ලබාගත් ජනතා ප්‍රසාදය ආරක්ෂා කරගත නොහැකි වී ඇති බවත් ඒ සඳහා පක්ෂයේ ඉහළ නායකයන් වගකිව යුතු බවත් රැස්වීමට සහභාගී වූ ජනතාව අමතමින් ඔහු සදහන් කළා.

කටාන ආසනයට රජයේ රැකියා 700 ක් ලැබුණු නමුත් පක්ෂයට සහය දැක්වූ තරුණ තරුණියන් කිසිවෙකුටත් රැකියාවක් ලබාදීමට නොහැකි වූ බවද මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.

සිසිර ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මෙවැනි තත්වයක් යටතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් අන්ත පරාජයක් ලැබීමට සිදුවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...