29 C
Colombo
Friday, May 17, 2024

අපි ප්‍රියමාලි ළඟ මුදල් අයෝජනය කරේ නෑ..! – බොදුබල සේනාව

- Advertisement -

බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව හමුවේ මුදල් ආයෝජනය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ තිළිණි ප්‍රියමාලි හෝ වෙනත් ආයතනයක ඥාණසාර හිමියන් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බවයි.

මේ අතර රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරණයන්ට එරෙහිව ඊයේත් පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මෙලෙස පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූ පිරිස අතර වනවා.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ උදය ගම්මන්පිල මෙන්ම සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...