31 C
Colombo
Friday, May 3, 2024

අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද 

- Advertisement -

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සංර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.

ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.

මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය. මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.

පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.

ඔබ සැමට සුබ අනාගතයක්.”


RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...