දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කොවිඩ් 19 ආසාදිත සිංහයන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
එම සත්වෝද්‍යානයේ සතුනට ප්‍රතිකාර කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය විසිනුයි.
නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ එම සතුනට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සහය ලබාගැනීමක් සම්බන්ධයෙන් නිවේදන දේශීය මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබූ බවත්’ එවැනි අවශ්‍යතාවයක් පැන නොනැගුණ බවයි.
ඒ අනුව, ශ්‍රී ලංකික පශු වෛද්‍ය අංශ සියලු සත්ව රෝග සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට හා අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳ නිපුන දැනුම හා අත්දැකීම් වලින් පරිපුර්ණ බව ඔවුන් පවසයි.
පසුගිය දා ආසාදිත සේවකයකු මාර්ගයෙන් පළමු වරට තෝර් නමැති සිංහයා ආසාදිත බව හඳුනා ගනු ලැබිය.
