26 C
Colombo
Thursday, March 23, 2023

රුපියල් 5000 දුන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි.. මාසයක වියදමට – විමල් වීරවංශ

- Advertisement -

උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශයේ ජනතාව තමන්ට ආහාර නොමැති බව කියමින් විරෝධතාවයෙහි නියැළී සිටින්නේ මාසයක් සඳහා වියදම් කිරීමට ඔවුන්ට රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව සතියකින් වියදම් කරගැනීම නිසා බව අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ නොවැම්බර් 21 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනෙෂන් මහතා ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින්ය.

තමන්ගේ පවුලවල සාමාජිකයන්ට ආහාර ද්‍රව්‍ය ඉල්ලමින් උතුරු කොළඹ සහ මැද කොළඹ ජනතාව පාරට බැස ඇති බවත් ඔවුන් මාසයකට වැඩි කාලයක් තිස්සේ දැනට ලොක්ඩවුන් තත්වයේ පසුවන බවත් පෙන්වා දී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට මීට මැදිහත් වන්නැයි ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා ඇත.

ඒ මොහොතේදී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වෙනුවට නැඟී සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා “ගරු මූලාස්නාරූඩ මන්ත්‍රීතුමනි, ගරු මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා මතු කරන කාරණය පිළිබඳව මම මේ දැන් කොළඹ දිසාපතිතුමාව අමතලා විමසුවා. එතුමා පැවසුවේ සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා රුපියල් 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි, ඔය පවුල්වලට රුපියල් 5000 ගාණෙ දීලා තියෙනවා. දීලා ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මොකුත් නෑ කියන්නෙ. ඔයාට ඕනෙ කෙනා නෙවෙයි උත්තර දෙන්නේ, එයා උත්තර දුන්නත් මං උත්තර දුන්නත් මේක තමා උත්තරේ. උත්තරේ අහගන්න. ඒ නිසා තමුන්නාන්සෙ මේ මෙතන නැති ප්‍රශ්න හදන්න යන්න එපා. වාඩිවෙනවා මනෝ ගනේෂන් තමුසේ. මෝඩයා !” යැයි පැවසීය.

කොළඔ 15, අලුත්මාවත ප්‍රදේශයේ මිනිසුන් කන්න ඉල්ලා වීදී බැස ඇති අයුරු

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...