25 C
Colombo
Sunday, April 14, 2024

සමාජ මාධ්‍යයේ අපි වැඩ පෙන්නන්නෙ නැති නිසා නරි බල්ටි ගහනවා (VIDEO)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නියෝජිතයින් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව සිදුකරන කටයුතු පිළිබඳ කතානොකිරීම හේතුවෙන් මේ වනවිට ‘පැත්තක සිටින නරි බල්ටි ගැසීමට’ පටන් ගෙන ඇති බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ නියෝජිත, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයෙහි පසුගිය 06වනදා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි තේරුම් ගන්නට ඕනෙ කාරණාව තියෙනවා පහුගිය අවුරුදු හයක හතක කාලසීමාව තුළදී මේ රට විනාශ කරන්නට විවිධ එන්ජීඕ හරහා විවිධ අන්තවාදී දේශපාලනික බලවේග හරහා කරන්න හදපු දේම මෙන්න දැන් නැවත වතාවක් ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා.

මේකෙ එක වැරැද්දක් පොදුජන පෙරමුණ හා සම්බන්ධ තරුණ අපිත් බාරගත යුතුයි. අපි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපි කරන වැඩ ටික එළියට කතාකරන්න ගිහිල්ලා නැහැ. එහි ප්‍රතිඵලයක් දෝ කියලාත් හිතෙනවා අද මේ පැත්තක ඉන්න නරි බල්ටි ගහන්න අරන් තියෙන කාලෙ කියලායි අපි කියන්නෙ”

RECENT ARTICLES - SINHALA

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (14) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...